ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් අද සිට පොලිස් භාරයට

0
Buses Arrest Due to Seat Over Passengers - ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් අද සිට පොලිස් භාරයට

ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ අද සිට පොලිස් භාරයට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.

ඒ පිළිබඳව සියලූ පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එම බස් රථවල බලපත්‍ර තහනම් කිරීමටත් ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම බස් රථ නැවත දැනුම් දෙන තුරු පොලිස් භාරයේ තබා ගැනීමට අවශ්‍යය උපදෙස් පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා කියා සිටියේ.