රට විවෘත කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාව මෙන්න

0
New Health Guide series Released - රට විවෘත කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාව මෙන්න
සීමාවන් සහිතව හෙට (01) අලුයම 4.00 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිතුත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීයි.

ඒ සඳහා වන මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණා.

එය 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් දැක්වෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 01 දා සිට 15 වනදා දක්වාද ඔක්තෝම්බර් 16 සිට 31 වනදා දක්වාද එම මාර්ගෝපදේශ දැක්වේ.