සුපිරි 20 – 20 තරගාවලියට ගිය මැණිකේ මගේ හිතේ

0
Manike Mage Hithe in Everest Premier League - සුපිරි 20 – 20 තරගාවලියට ගිය මැණිකේ මගේ හිතේ
ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි සමඟ සතීෂන්, ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ලොව පුරා කෝටි ගණනක රසික හදවත් මේ වනවිටත් දිනාගෙන අවසන්.

එමෙන්ම මේ දිනවල ක්‍රීඩා පිටියේ කතාබහට ලක්ව තිබෙන මාතෘකාවක් වී ඇති නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රිමිය ලීග් විස්සයි විස්ස තරගාවලියට ද ‘මැණිකේ මගේ හිතේ’ ගීතය එක්ව තිබීම විශේෂත්වයක්.

ඒ මෙවර එවරස්ට් ප්‍රිමිය ලීග් තරගාවලියට එක්වන බිරාත්නගාර් වොරියර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් බස් රථයක් තුළ දී ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගයමින් විනෝද වන අයුරු දැක්වෙන වීඩියෝවක් ශ්‍රී ලංකා ප්‍රහාරාත්කම පිතිකරුවෙක් වන දිල්ෂාන් මුණවීර සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබීමත් සමඟයි.

එවරස්ට් ප්‍රිමිය ලීග් විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දිල්ෂාන් මුණවීර, අසේල ගුණරත්න, සහන් ආරච්චිගේ, සීක්කුගේ ප්‍රසන්න, දම්මික ප්‍රසාද් සහ උපුල් තරංග සහ යන ක්‍රීඩකයින් මේ වනවිටත් නේපාලයට ගොස් සිටිනවා.