සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

0

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඉකුත් ජූනි මාසයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබුණද කොරෝනා අර්බුදය සහ ගුරු වර්ජනය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් එය ප්‍රමාද කෙරුණා.

ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා ලිඛිත විභාගයේ ප්‍රතිඵල මත එම විෂයට අදාළ ප්‍රතිඵලය නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියේ පළ කරන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.