අමෙරිකාවේ වීථියකින් ඇසුණු ශ්‍රී ලාංකික ගීතය

0
Manike Mage Hithe Song in California by Karolina Protsenko - අමෙරිකාවේ වීථියකින් ඇසුණු ශ්‍රී ලාංකික ගීතය

ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා විසින් ගයන “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතී.

පසුගියදා එම ගීතය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා මොනිකා ප්‍රදේශයේ වීථියකින් ඇසුණි.

ඒ දක්ෂ වයලින් වාදන ශිල්පිනියක් වන 13 හැවිරිදි කැරොලිනා ප්‍රොට්සෙන්කෝ තම නවතම වාදනය සඳහා එම ගීතය තෝරාගෙන තිබූ බැවිනි.

6 වැනි වියේදී යුක්‍රේනයේ සිට අමෙරිකාවේ පදිංචියට පැමිණ ඇති කැරොලිනා, දක්ෂ වයලීන් වාදන ශිල්පිනියකි.

ඇය සිය විවේක කාලයේදී විවිධ ගායක ගායිකාවන්ගේ ජනප්‍රිය ගීත වාදනය කරමින් විථිවල ගමන්කරන ජනතාව පිනවීම සිදුකරන්නීය.