අනතුරින් පසු තුවාලකරු කැලේ දමා යයි.. දුරකතනයේ ඡායාරූපයෙන් සැකකරුවන් දැලේ…

0
Van Accident in Anamaduwa - අනතුරින් පසු තුවාලකරු කැලේ දමා යයි.. දුරකතනයේ ඡායාරූපයෙන් සැකකරුවන් දැලේ...

ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී වෑන් රථයක ගැටි අනතුරට ලක්වු පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් කැලයක දමා ගොස් තිබියදි පැය හයකට පසු සොයාගත් බව ආණමඩුව පොලිසිය කියයි.

ඒ වන විට තුවාලකරු දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බවත් පුත්තල රෝහලට ඇතුළත් කළ තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

අනතුර සිදු කළ බව කියන වෑන් රථයේ හිමිකරු සමග තවත් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොට්ටුකච්චිය වාරිමාර්ග හංදිය ආසන්නයේ පදිංචි 53 හැවිරිදි තුන් දරු පියකු වු සරත් බණ්ඩාර අතපත්තු නැමති යුද හමුදා විශ්‍රාමිකයකු බව පොලිසිය කියයි.

කුඹුරට ගොස් ආපසු නිවෙස බලා ගමන් කරමින් සිටියදී ආණමඩුව සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක ගැටි ඇති බව කියයි.

අනතුරත් සමග ප්‍රදේශවාසින් එම ස්ථානයට එක්විමේන් පසු කලබලයට පත්වු වෑන් රථයේ පිරීස තුවාල කරු පුත්තලම මූලික රෝහලට කඩිනමින් භාර දෙන බව පවසා වෑන් රථයෙ දමා පැමින ඇති බව කියයි.

පවුලේ ඥාතින් පුත්තලම රෝහලට පැමිණ තම ඥාතියා පිළිබඳ සොයා බලන විට තුවාල කරු රෝහලට භාර නොදිම හේතුවෙන් පුත්තලම හා ආණමඩුව රෝහල් දැනුවත් කිරීමට කටයුතු කර තිබුනී.

පසුව අනතුර සිදුවු ස්ථානයේ සිටි කාන්තාවක් මෙම වෑන් රථයේ ඡායාරූපයක් තම ජංගම දුරකථනයට ලබා ගෙන තිබි ඇති අතර එය පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වෙත ලබා දීමෙන් පසු ක්‍රීයාත්මක වු ආණමඩුව හා පුත්තලම පොලිස්ථාන දෙක අදාල අනතුරට සම්බන්ධ වාහන පිළිබදව තොරතුරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසා අදලා වාහන හිමිකරු පවසා ඇත්තේ තමන් මෙම වාහනය කුලි පදනමට පුත්තලමේ අයකුට ලබා දුන් බවත් එම පුද්ගලයා අනතුරක් සිදුවු බවට දන්වා වාහනය පසු දින අලුත් වැඩියා කර දිමේ පොරෝන්දු මත පිටව ගිය බවයි.

කෙසේ නමුත් පොලිස් කණ්ඩායම් කඩිනමින් අදාල සැකකරුවන් අත් අඩංගුවට ගෙන තුවාලකරු දමා ගිය ස්ථාන සොයා ගොස් තිබේ .

පොලිස් නිළධාරින් අදාල ස්ථානයට යන විටත් තුවාල කරු දැඩි ලෙස අසාධ්‍යව මෙම සැකකරුවන් දමා ගිය ස්ථානයෙම අසරණව පැය හයකට ආසන්න කාලයක් සිටි බව පොලිස් නිළධාරින් පවසයි.

අනතුර සම්බන්ධව පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී .කුමාරදාස හා ආණමඩුව පොලිස්ථානයේ ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර යන මහත්වරුන්ගේ මෙහෙයවිමේන් ආණමඩුව පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජගත් කුමාර රථවාහ අංශ ස්ථානාධිපති සමන් කුමාර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.