ඔංචිල්ලාවක ගෙල සිරවීමෙන් අවසන් ගමන් ගිය දෙදරු පියා

0
ඔංචිල්ලාවක ගෙල සිරවීමෙන්

මුන්දලම වේළුසුමනපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු ඔංචිල්ලාවක ගෙල සිරවීමෙන් මරණයට පත්වී තිබෙනවා.

මෙම ඔංචිල්ලාව ගසේ අත්තක ඇන්ටනා වයරයක ආධාරයෙන් සකස්කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

බුලත් විටක් සපමින් ඔංචිල්ලාවේ රැදි සිටියදී වයරය ගෙලෙහි පැටලි මරණය සිදුව තිබෙනවා.

ඔහුට වයස අවුරුදු 3ක කුඩා දැරියක් සිටින අතර දින 7 කට පෙර ඔහුගේ බිරිදට කුඩා බිළිදියක් උපත ලබා ඇති බව සඳහන්.

පිළිකාවකට ගොදුරුව සිටින මව හා මරණයට පත්වු සොහොයුරෙකුගේ ආබාධිත දරුවාද රැක බලා ගෙන ඇත්තේ මරණයට පත්වූ පුද්ගලයා යි.