ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පාදුක්ක ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඔහු සඳහන් කරන්නේ තමන් එම ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවයි.
මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් රජය අපහසුතාවට පත්වන බවත් එම අමාත්‍යවරුන් දෙදෙනා එක්ව සැලසුම් සහගතව තමනට පහර දෙන බවයි.
පාදුක්ක පොලිස් ස්ථානාධිපති ධුරයට ඇමති ලොකුගේට හිතවත් අයෙක් පත් කර තමනට කෙණෙහිලිකම් කල බවත් ඔහු චෝදනා කරයි.
කුපාඩි වැඩ කරන්න එපා යයි තමන් එම ඇමතිවරුනට පැවසූ බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.
ඇතිව තිබෙන තත්වය මත තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් අස් වන බව ද ඔහු පැවසීය.
(hirunews.lk වෙබ් අඩවිය ඇසුරිනි)