කොරෝනා නැතැයි කියා මල්ශාලාවට රැගෙන ගිය සිරුර නැවත රෝහලට

0

කොරෝනා මළ සිරුරක් වැරදීමකින් මුදාහැර මල්ශාලාවේ එම්බාම් කරන අතරතුර නැවත පානදුර මූලික රෝහලට රැගෙන යාමේ සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වෙයි.

මෙසේ නැවත රෝහල වෙත රැගෙන විත් ඇත්තේ , පානදුර , වත්තල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු ගේ මළසිරුරක් බව පැවසේ.

පසුගිය 12 දා රාත්‍රි මියගිය පුද්ගලයාගේ මළ සිරුර පානදුර මූලික රෝහලේ දී පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර , ඔහුගේ පවුලේ අයවලුන්ට කොරෝනා තත්ත්වයක් නිරෝධායනයට ලක්ව නොමැති බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් ලබාදුන් නිර්දේශයකට අනුව පි.සී.ආර් වාර්තාව ලැබීමට ප්‍රථමයෙන් .දේහය ඥාතීන්ට මුදාහැර තිබේ .

ඒ අනුව මෘත දේහය පානදුර , පල්ලිය මුල්ල ප්‍රදේශයේ මල් ශාලාවකට රැගෙන ගොස් එම්බාම් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

එම අතරවාරයේදී ලැබී ඇති පී.සී.ආර් වාර්තාවට අනුව , මියගොස් ඇති පුද්ගලයාට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරුව, කලබල වූ රෝහල් කාර්ය මණ්ඩලය වහා මල්ශාලාව වෙතගොස් වෙත ගොස් නැවත මෘතදේහය පානදුර මූලික රෝහල වෙත රැගෙන විත් ඇතැයි වාර්තාවෙයි .

ඒ අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මල්ශාලාවේ කාර්ය මණ්ඩලය සහ නිවැසියන් දින 14 ක් නිරෝධායනයට ලක්කර තිබේ .

(http://www.lankadeepa.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)