කෑගල්ල නගර සභාවේ උප සභාපති කොරෝනා ආසාදිතව මියයයි

0
Kegalle Vice Mayor Dead by Covid - කෑගල්ල නගර සභාවේ උප සභාපති කොරෝනා ආසාදිතව මියයයි
කෑගල්ල නගර සභාවේ උප නගරාධිපති ලලිත් ජයශාන්ත (50) කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඊයේ (13) සවස මිය ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

2006 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී කෑගල්ල නගර සභාවට ප්‍රථම වරට තරග කොට ජයග්‍රහණය කර කෑගල්ල නගර සභාවට මන්ත්‍රීවරයකු ලෙස මොහු තේරී පත් වුණා.

2011 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයට තරග කොට ජයග්‍රහණය කළ ලලිත් ජයශාන්ත මහතා කෑගල්ල නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.

පසුව 2018 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී යලි කෑගල්ල නගර කොට්ඨාසයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කර දෙවැනි වතාවට කෑගල්ල නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස සේවය කරනු ලැබුවා.

මිය ගිය නගරාධිපතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) දා සවස මහනුවර මහයියාව ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිත බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.