සජිත්ට එරෙහිව අනුරගෙන් දැඩි ප්‍රකාශයක්

0
Anura Dissanayaka Statement of Sajith Premadasa Brain - සජිත්ට එරෙහිව අනුරගෙන් දැඩි ප්‍රකාශයක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාවක් මත කෙරවලපිටිය බලාගාරයේ අයිතිය අමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය වහාම හකුලාගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (12) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී අදහස් දැක්වු ඒ මහතා,

“ඇමති බැසිල් රාජපක්ෂ මහතා වාචිකව යම් යම් කරුණු ඉදිරිපත් කරලා කෙලවලපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට පවරා දීම සඳහා අවසන් තීරණය පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබුවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න අයගෙන් අපි අහනවා මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඔබ දුටුවාද ? පත්‍රිකාවක් නොමැතිව ලංකාවේ පළමු වතාවට අදාළ අමාත්‍යවරයා දෙන වාචික කරුණුවලට තීන්දු ගන්නවා. ඒ නිසා විශේෂයෙන් අපේ රටේ පෞරාණික දේපළ විකිණීම සඳහා කොන්ත්‍රාත්කරුවන් මේ කරන ප්‍රයත්නය පරාජය කළ යුතුයි.”

ප්‍රශ්නය – සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කියලා තියෙනවා ආණ්ඩුව ඉල්ලා අස්වෙලා මැතිවරණයකට යන්න ඕනේ කියලා. ඔබතුමාලගේ පක්ෂයත් ඒ මතයෙම ඉන්නවද?

“මොළේ පරීක්ෂා කරගන්න ඕනේ එයාගේ මේවගේ වෙලාවක. ආ… දැන් ආණ්ඩුවට විවේචනයක් හැදිලා තියෙනවා. දැන් මට ඒ පුටුවේ වාඩිවෙන්න පුළුවන් එයාට. ඒ වගේ ඉතාමත් අපරිණත, අඥාන ප්‍රකාශයන් ඒවා. ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙලා තියෙනවා ඒක ඇත්ත. ව්‍යසනයක් වෙලාවේ ඡන්දයක්. ඔළුව පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? එකතු වෙන්නේ නෑනේ ආණ්ඩුව. අපි කරන්න ඕනේ මොකද්ද ? මේක හොඳ දිසාවට හරවන්න ඕනේ. යෝජනා දෙන්න ඔනේ. පිළිගන්නවාද නැද්ද වෙනම දෙයක්. කවුරු හරි හිතනවා ද මේ වෙලාවේ මේ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට යන්න ඕනේ කියලා. ඒවා අර ලාබ ලෙස තමන්ගේ බලය පුටුවල වාඩිවෙන්න පුළුවන් කියලා හිතෙන නේද ? ඒ අයගේ අදහස්.”

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)