ජංගම දුරකතන විශාල ලෙස මිල වැඩිවෙනවා.. දුරකතන හිඟ වෙනවා…

0
Mobile Phones Price Increase by Import Restrict - ජංගම දුරකතන විශාල ලෙස මිල වැඩිවෙනවා.. දුරකතන හිඟ වෙනවා...

ඉදිරියේ දී අඩු මිලට ජංගම දුරකතන කිසිසේත්ම මිලට ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි මෙරටට ඇපල් ජංගම දුරකථන නිල ලත් බෙදාහරින්නා වන GENXT ආයතනය ප්‍රධානී රජීව් ගුණරත්න මහතා සඳහන් කරයි.

පනවා ඇති නව සීමාවන් හේතුවෙන් වෙළඳපොලේ ජංගම දුරකථන ඉතා හිඟ වනු ඇති බවත් ඒ හරහා මිල විශාල වශයෙන් ඉහල යනු ඇති බවත් ඔහු කියා සිටී.

එමෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පමණක් ඉතිරිවී කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් බිඳවැටෙනු ඇති බවද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)