පාසැල් දරුවන්ට එන්නත් දෙන්න එපා.. දෙනවානම් සයිනොෆාම් හෝ ස්පුට්නිට් දෙන්න…

0

පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් දැනට නිර්මාණය වී නැති බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

පාසැල් දරුවන්ට කොරෝනා මර්ධන එන්නත් ලබා නොදෙන ලෙසද ඉල්ලා සිටි ඔහු ඒ සම්බන්ධයෙන් ඉතා තදින් සොයා බලන්නැයි ඉල්ලා සිටීයි.

පාසැල් සිසුන් එන්නත් කරන්නේ නම් සයිනොෆාම් හෝ ස්පුට්නිට් පමණක් යොදාගන්නා ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)