පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

0

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයයේදී පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (25) නිමාවට පත්විය.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ලබන 29 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයයේදීම පැවැත්වීමට නියමිතය.

අද දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 2ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 100කි.

ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 648කි.