කොවිඩ් ආසාදිත අම්මාට සිව් දරු උපතක්.. උපතේදීම දරුවන් මිය ගිහින්…

0

කොවිඩ් ආසාදිත ගැබිනි මාතාවක් අම්පාර මහ රෝහලේ දී දරුවන් සිව් දෙනෙකු බිහි කළ අතර එම දරුවන් උපතේදීම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අම්පාර විජිතපුර පදිංචි එම කාන්තාව පස් මස් ගැබිනියක ව සිටියදී ඇයට කොරෝනා වැළඳීම නිසා දින ගණනාවක් අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා.

නිවසේ සිටියදී නැවත හදිසියේ අසනීප වීම නිසා අම්පාර මහ රෝහලට ඇතුළත් කළ පසුව ඇය මෙම මළ දරුවන් බිහි කර තිබුණා.

පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු එම මව බිහි කර ඇති අතර කොරෝනා වැළඳීම නිසා එම දරුවන් මිය ගොස් ඇති බවට සැක පළ කරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.