උදේ කොවිඩ් පොසිටිව් වුණ 26 හැවිරිදි මාධ්‍යවේදියා සවස මියයයි

0
Journalist Dead by Covid - උදේ කොවිඩ් පොසිටිව් වුණ 26 හැවිරිදි මාධ්‍යවේදියා සවස මියයයි
යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම තරුණ දමිළ මාධ්‍යවේදියෙකු වූ ප්‍රකාශ් ඥාන ප්‍රකාශම් කොවිඩ් වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇත.

විසි හය හැවිරිදි මෙම තරුණයා කලක සිට ඔස්ටියෝපොරෝසිස් හා සමාන ඇවිදීමට නොහැකි රෝගී තත්ත්වයක සිට ඇත.

යාපනයේ මාධ්‍යවේදීන් පැවසූවේ පුවත්පත් කිහිපයක හා පෞද්ගලික වෙබ් අඩවි කිහිපයක නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කර ඇත.

ඊයේ (02) උදෑසන කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදිත බව හඳුනාගෙන ඇති අතර ඊයේ සවස් යාමයේ දී ඔහු ජීවිතයෙන් සමුගෙන ඇත.

මොහු හතර දෙනෙක්ගෙන් යුත් පවුලක බාලයා වශයෙන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ දී උපත ලබා එම ප්‍රදේශයේ දීම ජීවිතයේ අවසන් ගමන් ගොස් ඇත.

සැප්තැම්බර් පළමුවැනිදා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ, මාංශ පේශි දුර්වලතාවයකින් පෙළුණු තමාට කොවිඩ් එන්නත් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ බවය.

මෙම තරුණ මාධ්‍යවේදියාට වයස අවුරුදු තිහට අඩු බැවින් කොවිඩ් එන්නත ලබා ගැනීමට නොහැකි වී ඇත.