එන්නත් ඇණවුම් කරන්න කියද්දි පැණි බිබී තොවිල් නැටුවා – කිරිඇල්ල

0
Lakshman kiriella - පැණි බිබී තොවිල් නැටුවා

ආණ්ඩුව කෙතරම් පුරසාරම් දෙඩුවද තවමත් මිලදී ගත හැකි වී ඇත්තේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලක්ෂ 05 ක පමණ ප්‍රමාණයක් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

කැනඩාව වැනි ඇතැම් රටවල් තම ජනතාවට ප්‍රමාණවත් වන එන්නත් ප්‍රමාණය මෙන් පස් ගුණයක් පවා එන්නත් ලබාගෙන ඇති බවයි කිරිඇල්ල මහතා පෙන්වා දෙන්නේ.

කොරෝනා එන්නත් පිළිබඳව ලොවපුරා කතාබහට ලක්වන කාලයේදීම, ප්‍රමාණවත් එන්නත් ඇණවුම් කරන්නැයි විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත් ආණ්ඩු ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළ බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා පවසන්නේ, පැණි බිබී, ගංගාවලට මුට්ටි දමමින් තොවිල් නැටීමට ආණ්ඩුව කටයුතු කළ බවයි.

එහි ප්‍රතිවිපාක අද ජනතාවට විඳීමට සිදුව ඇති බවද ඔහු පවසනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ඕනෑම සහයෝගයක් ලබාදීමට විපක්ෂය සූදානම් නමුත් ආණ්ඩුවට එම සහාය ලබා ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පවසනවා.