සඟවා තිබූ සීනි කිලෝ හතලිස් අට ලක්ෂයක් හසුවෙයි

0
Sugar Stock in Wattala - සඟවා තිබූ සීනි කිලෝ හතලිස් අට ලක්ෂයක් හසුවෙයි
වත්තල , මාබෝල ප්‍රදේශයේ තිබූ සීනි තොගයක් රජයට පවරා ගැනීම අද උදෑසන සිදු කෙරුණා.

එම ස්ථානයේ තිබී සීනි මෙට්‍රික් ටොන් 4800ක් එලෙස රජය භාරයට ගත් බවයි වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

එම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් හතලිස් අට ලක්ෂයක්.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්, සතොස සභාපති, මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාද එම අවස්ථාවට එක්ව සිටියා.

මෙම සීනි තොග රජයට පවරා ගැනීම ගබඩාවේ හිමිකරු ඉදිරියේදීම සිදු කළ අතර ඔහුට අයත් වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ තවත් ගබඩාවක තිබෙන සීනි මෙට්‍රික් ටොන් 4000ක් රජයට පවරා ගැනීමට නියමිතයි.

මේ අතර අද සිට සතොස හරහා රුපියල් 130කට සීනි මිලදී ගත හැකියි.