
අනාරක්ෂිත අයුරින් සකස් කර තිබූ බිත්තියක සිමෙන්ති ගඩොල් කිහිපයක් සිරුර මතට පෙරළීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වවුනියාව, පෙරියකට්ටු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු එකහාමාරක දරුවෙකුයි ඊයේ (30) සවස මෙලෙස ජීවිතක්ෂයට පතව ඇත්තේ.
මිදුලේ සිටි දරුවා මතට කුකුල් කූඩුවක් සෑදීමට අසුරා තිබූ ගඩොල් බිත්තියේ ගඩොල් කිහිපයක් වැටී ඇති බවයි නිවැසියන් පොලිසියට පවසා ඇත්තේ.
අනතුරුව තුවාල ලැබූ දරුවා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
දරුවාගේ මළ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබූ අතර වවුනියාව, පූවරසන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.