සැමියාගේ මළ සිරුර වෙනුවට කොවිඩ් මළ සිරුරක් ලබාදුන් බවට බිරිඳක් කළ පැමිණිල්ල

0
Death Bodies Incident in Mulative - සැමියාගේ මළ සිරුර වෙනුවට කොවිඩ් මළ සිරුරක් ලබාදුන් බවට බිරිඳක් කළ පැමිණිල්ල

කොරෝනා නොවන රෝගයකින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුර වෙනුවට කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයකුගේ සිරුරක් ලබාදී සිය සැමියාගේ දේහය අත්තනෝමතික ලෙස මුලතිව් රෝහල් සේවකයන් ආදහනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ බිරිඳ මුලතිව් පොලිසිය වෙත හා මුලතිව් දිසා රෝහල වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා .

නිවසේදී මියගොස් ඇති සිය සැමියාගේ සිරුර මුලතිව් දිසා රෝහල වෙත රැගෙන එමෙන් පසු පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමුකොට තිබියදී එහි ප්‍රතිඵල පැමිණීමට පෙර සෞඛ්‍ය සේවකයන් සිරුර ආදාහනය කොට ඇති බවයි මියගිය පුද්ගලයාගේ ඥාතීහු පවසන්නේ.

එලෙස අදාහනය කොට ඇත්තේ මුලතිව් , තිරුමුරුකණ්ඩි ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙක්.

කොවිඩ් ආසාදිත මළසිරුරක් ලෙස හඳුන්වා දේහය වවුනියාව පූන්තෝට්ටම් ආදාහනාගාරයේදී අදාහනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සැලවීමත් සමඟ ඥාතීන් හා රෝහල් සේවකයන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත් අතර පොලිසිය මැදිහත්ව සමතයකට පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර තිබෙන්නේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයාගේ බිරිඳ පැමිණ සිරුර හඳුනාගැනීමෙන් අනතුරුව ආදාහනය කළ බව මෘත ශරීරාගාරයේ සේවය කළ සේවකයින් පවසන බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බව එම රෝහල් ප්‍රකාශකයා පවසනවා.