කොවිඩ් ආසාදිතව සුවවී නිවසට ගිය පුද්ගලයා පසුදා මියයයි

0
Covid Death in Bandarawela - කොවිඩ් ආසාදිතව සුවවී නිවසට ගිය පුද්ගලයා පසුදා මියයයි

කොවිඩ් ආසාදිතව බණ්ඩාරවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ඉකුත් 24 වනදා නිවසට ගිය පුද්ගලයෙක් අද පෙරවරුවේ මරණයට පත්වී තිබුණි.

මීගහකිවුල, කැටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම පුද්ගලයාට අද (26) පෙරවරුවේ ඇතිවූ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඔහු බදුල්ල මහ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

බණ්ඩාරවෙල කේෂන් වතුයායේ කොවිඩ් ආසාදිත පවුලක් නිරෝධායනයට යොමුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ට පුද්ගලයෙකු, මරණීය තර්ජනය කළ පුවතක් වාර්තා විය.

නිරෝධායනයට ලක්වන පවුල්වලට ලබාදෙන ආහාර මල්ල ලබාදීම ප්‍රමාද වූ බවට චෝදනාකරමින් එම පුද්ගලයා දුරකථනයෙන් තර්ජනය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

බණ්ඩාරවෙල පොලීසිය අද එහි ගොස් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට දික්ඔය මූලික රෝහලට පැමිණි ප්‍රදේශවාසීන්ට එන්නත් ප්‍රමාණවත් නොවීම නිසාද නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරු පැවසීය.