තෙල් හිඟයක් ගැන ප්‍රකාශයක් කළ ආනන්ද පාලිතට ඇප දෙමින් මහේස්ත්‍රාත්වරිය පැවසූ දේ

0
Court Decision abot Ananda Palitha Fuel Statement - තෙල් හිඟයක් ගැන ප්‍රකාශයක් කළ ආනන්ද පාලිතට ඇප දෙමින් මහේස්ත්‍රාත්වරිය පැවසූ දේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) මගින් අත්අඩංගුවට ගත් ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ උප සභාපති ආනන්ද පාලිත මහතා අද(22)රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුද හැරිණි.

ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

සැකකරුට ඇප ලබා නොදෙන ලෙසත්, ඇප ලබා දුනහොත් ඔහු යළි ජන ජීවිතය පීඩාවට පත්වන පරිදි එවැනි ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට පෙන්වා දුන්නේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) යටතේ රටේ ජනතාවට භාෂණයේ නිදහස හිමි කර දී ඇති බැවින් සත්‍ය තොරතුරු මත පදනම්ව අදහස් ප්‍රකාශ කිරීම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් කරුණක් නොවන බව මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්වට පෙන්වා දෙනු ලැබුවා ය.

(newsfirst.lk වෙබ් අඩවිය ඇසුරිනි)