අද සිට තැපෑලට ලිපි බාර දිය හැක්කේ මෙලෙසයි

0
Sri Lanka Post in Curfew - අද සිට තැපෑලට ලිපි බාර දිය හැක්කේ මෙලෙසයි
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා තබන බවත් එම කාලය තුළ අත්‍යවශ්‍ය ව්‍යාපාරික ලිපි බාරදීමට 0718123906 යන දුරකථනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරීවරයා අමතන ලෙසත් වැඩබලන තැපැල්පතිවරයා දන්වා සිටිනවා.

ඖෂධ බෙදාහැරීම සහ අධිවේගී තැපැල් කටයුතු ඇතුළු සේවාවන් කීපයක් සඳහා පමණක් තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (21) විවෘත කරන බවත් වැඩබලන තැපැල්පතිවරයා සඳහන් කළා.