රෝද පුටුවක පණ අදිමින් අයෙක් මියගියා.. රට පුරා මිනිස්සු මැරී වළලනවා…

0
Dr. Udara Sampath Press Conference - රෝද පුටුවක පණ අදිමින් අයෙක් මියගියා.. රට පුරා මිනිස්සු මැරී වළලනවා...
කරාපිටිය රෝහලේ රෝද පුටුවක සිටි පුද්ගලයෙක් පැය භාගයක් හති හලමින් මිය ගිය බව එම රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ ආකාරයේ අසාධ්‍ය රෝගීන්ට කිසිවකු හොයා බැලීමටවත් ළං වන්නේ නැති බව ඔහු පැවසීය.

වෛද්‍යවරුන් බයේ සැඟවී සිටින බවත් දුරකථනයටවත් ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සදහන් කරයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

“රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් විශාල ගණනක් මියයනවා. එය නවතාලීමට වහාම පියවර ගන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා”

“රෝහල් මෝචරිය අසලින් එනවිට මිනිස්සු මැරිල ඉන්න ප‍්‍රමාණය පේනවා. මැරෙනවා වළලනවා හැරෙන්නට අන් දෙයක් දකින්නට නැහැ. බුද්ධි අංශ නිලධාරීන් හෝ එවා මේ ගැන විමසා බලන්න. දත්ත අතේ තියාගෙනයි මේ ගැන මම කථා කරන්නේ” යැයිද වෛද්‍ය උදාර සම්පත් මහතා සඳහන් කළේය.

කොරෝනා ආසාදිත ආබාධිත අයකු කරාපිටිය රෝහලේ ගේට්ටුව අසලදී පසුගියදා හුස්ම ගැනීමට නොහැකිව දැඩි වේදනාවකට පත්ව සිටියා. පැය හතරක පමණ කාලයක් එසේ විඳවමින් සිටි ඔහු අවසානයේ මරණයට පත්වූවා. එම පුද්ගලයා එසේ විඳවමින් සිටියදී බියට පත්වූ කිසිවකු ඒ අසලටවත් නොපැමිණි බවද වෛද්‍ය උදාර සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.