අවශ්‍යම කරුණකට හැර ගම්පහ නගරයට එන්න එපා

0
Gampaha Mayor Request - අවශ්‍යම කරුණකට හැර ගම්පහ නගරයට එන්න එපා
කොරෝනා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බැවින් අත්‍යාවශ්‍යම හේතුවකට හැර ගම්පහ නගරයට පැමිණීමෙන් වලකින ලෙස ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා, ජනතාව වෙත දැනුම් දීමක් කර සිටී.

රෝග තත්ත්වයක් මත ප්‍රතිකාර ලබා ගැනීම පිනිස රෝහලක් වෙත පැමිණීමට හෝ වෙනත් අත්‍යාවශ්‍යම හේතුවක් හැර ගම්පහ නගරයට නොපැමිණෙන ලෙස ජනතාවට දැනුම් දෙන නගරාධිපතිවරයා, පවතින අයහපත් තත්ත්වය මත නගරයේ වෙළඳසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට වෙළඳ සංගමය මේ වන විට පියවර ගෙන ඇති බවද පැවසීය.

නගරයේ වෙළඳසල් සේවකයින් පිරිසකට මෙන්ම ගම්පහ මහ නගර සභා සේවක පිරිසකට පවා කොරෝනා රෝග තත්ත්වය ආසාදනය වී ඇති බව සදහන් කළ නගරාධිපතිවරයා පවතින අයහපත් තත්ත්වය නොසලකා හැර කටයුතු කිරීමෙන් වලකින ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින බවද කීය.

අත්‍යාවශ්‍ය කරුණකට ගම්පහ නගරයට පැමිණිය හොත් අවශ්‍යතාවය ඉටු කරගැනීමෙන් පසුව කඩිනමින් පිටව යන ලෙසට ජනතාවට දැනුම්දීමට සිදුව ඇති බවද නගරාධිපති එරංග සේනානායක මහතා වැඩිදුරටත් පැවසූ අතර රෝගයේ ව්‍යාප්තිය කොතෙක්ද යන්න ගම්පහ රෝහල ඉදිරිපිට පී.සී.ආර් පරීක්ෂණ ස්ථානය අසල සිටින රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගෙන් තේරුම් ගත හැකි බවද කීය.