මියගිය කොවිඩ් ආසාදිතයාගේ දේහය පැය 18ක් නිවසේ

0
Covid Death Body in House - මියගිය කොවිඩ් ආසාදිතයාගේ දේහය පැය 18ක් නිවසේ
නිවසක් තුළ මියගිය කොවිඩ් ආසාදිතයෙකුගේ දේහයක් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට පැය 18ක් පමණ යනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු එහි නොපැමිණීමේ සිද්ධියක් වාර්තා වෙයි.

මාතර, වැලිගම කනංකේ ප්‍රදේශයෙන් එම සිදුවීම වාර්තා විය.

එසේ මියගොස් තිබුණේ නිරෝධායනයට යොමුකර සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නොපැමිණීම හේතුවෙන් එම නිවසේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

පසුව මේ පිළිබඳව දැනගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද දහවල් වෑන් රථයකින් එහි පැමිණ දේහය අවසන් කටයුතු සඳහා රැගෙන ගියේය.