අත්‍යාවශ්‍ය දේකට හැර කොළඹට එන්න එපා

0
Rosi Senanayaka Request - අත්‍යාවශ්‍ය දේකට හැර කොළඹට එන්න එපා
කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින්න ලෙස කොළඹ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ නගරයට මේ දිනවල පැමිණීම දැඩි ජීවිත අවධානමකට ලක්වීමක් බැවින් කොළඹට එන්න කිහිප වරක්ම එය අත්‍යාවශ්‍ය දැයි සිතා බලා හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙස ඇය ඉල්ලා සිටී.

කොළඹ නගරය පුරා කොවිඩ් වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වී සෑම ප්‍රදේශයකින්ම මෙන්ම ව්‍යාපාරික ස්ථානවලින්ද ආසාදිතයන් වාර්තාවන බවත් දිනකට කොවිඩ් ආසාදිතයන් ඉතාමත් විශාල පිරිසක් මියයන බවත් ඇය සඳහන් කරයි.

කොවිඩ් මර්දනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණත් රට දිනෙන් දින ඉතිහාසයේ කවදාවත් නොදැකපු නොසිතපු තරම් භයානක තත්වයකට ගමන් කරමින් සිටින බව ඇය පවසයි.