හෙට සිට දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ඇඳිරි නීතිය

0
Curfew - හෙට සිට දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ඇඳිරි නීතිය

හෙට (16) සිට සෑම දිනකම රාත්‍රී 10 සිට පසුදින අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

නැවත දැනුම් දෙන තුරු එය බලපැවැත්වෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා මෙය බලනොපාන බවයි ඔහු කියාසිටියේ.