එකම පාසලේ සිසුන් තිදෙනෙක් දියේ ගිලී මියයයි

0
Three Students Death by Drown - එකම පාසලේ සිසුන් තිදෙනෙක් දියේ ගිලී මියයයි

බුත්තල-කටුගහගල්ගේ වැවේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල මහානාම ජාතික පාසලේ උසස්පෙළ පන්ති වල ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකි.

මෙම ශිෂ්‍යයින් තිදෙනා මොනරාගල නගරය ආසන්නයේ පිහිටි බටුගම්මන,සිරිගල,රත්තනපිටිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන්ය.

ඊයේ (14) උදේ ඔවුන් තිදෙනා යතුරුපැදි දෙකකින් නිවෙස් වලින් පිටව ගොස් ඇති අතර මව්පියන්ට පවසා ඇත්තේ මිතුරෙකුගේ නිවසට යන බවය.

ඔවුන් තිදෙනා සවස් වන තුරු නිවෙස් වලට නොපැමිණීම නිසා දෙමව්පියන් පොලීසියට පැමිණිලි කර තිබිණි.

බුත්තල කටුගහගල්ගේ වැව අසල යතුරුපැදි දෙකක්,හිස්වැසුම් තුනක් සහ ඇඳුම් බෑගයක් තිබෙනු දුටු අයෙකු ඒ පිළිබඳව පොලීසියට දැනුම්දීමෙන් පසු අද (15) උදෑසන බුත්තල පොලීසිය ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව වැව් පතුලේ තිබූ තරුණයින් තිදෙනාගේ මළසිරුරු ගොඩටගෙන ඇත.

මෙම මරණ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (15) සිදුකිරීමට නියමිතව තිබිණි.