පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම්.. එළියට යනවා නම් එන්නත් කාඩ් එක අවශ්‍යමයි…

0
Travel Restrictions - පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම්.. එළියට යනවා නම් එන්නත් කාඩ් එක අවශ්‍යමයි...

අද(13) මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් සංචරණ සීමා දැඩි කර තිබෙනවා.

ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා අත්හිටුවනු ලැබේ.

දිවයින පුරා ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම ලබන මස 15 වැනිදායින් පසු අනිවාර්ය කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා ලෙස හඳුනාගෙන ඇති කෘෂිකර්ම, සංචාරක , වරාය , ඇඟලුම් බැංකු ඇතුලු සේවා සඳහා අදාළ සීමා බලපාන්නේ නැහැ.

යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේ තීන්දු ප්‍රකාශයට පත්කරමින්.

අවන්හල්, සාප්පු, සංකීර්ණ සහ වෙළඳසැල් පවත්වාගෙන යාමේදී නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා.