වරාය සේවකයින් 600කට කොරෝනා බවට පැතිර යන ප්‍රචාරවල සත්‍ය අසත්‍යතාව

0
Colombo Harbour Current Covid Situation - වරාය සේවකයින් 600කට කොරෝනා බවට පැතිර යන ප්‍රචාරවල සත්‍ය අසත්‍යතාව
වරාය අධිකාරියේ සේවකයින් 600කට කොරෝනා ආසාදනය වී ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

වරාය අධිකාරියේ වර්තමාන සේවක සංඛ්‍යාව 9,000ක් පමණ වන බවත්, දැනට ඉන් ආසාදිතවී ඇත්තේ සේවකයින් 31 දෙනෙකු වැනි සුළු පිරිසක් පමණක් බවයි වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ පිරිසද මේ වනවිට රෝහල් ඇතුලු ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරමින් සිටින බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.