ගැසට් නිවේදනය නිකුත් කළ පසුව බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් මුලින්ම දිවුරුම් දී පසුව පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දිය හැකි බවත් අනිවාර්යයෙන්ම මීළඟ ජනාධිපතිවරණය සඳහා බැසිල් රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසයි.
ප්රශ්නය – කට්ටියකගේ නම් කියවුණානෙ ඉල්ලා අස්වෙනවා කියලා. ඔවුන් ඉල්ලා අස්වෙන්න අකමැති වුණ හින්දාද ඔබ ඉල්ලා අස්වුණේ ?
“නෑ. එහෙම එකක් නෑ. මගේ යුතුකම මම ඉෂ්ඨ කළා. පාර්ලිමේන්තුවට එන්න ඕනෙය කියලා ලොකු පීඩනයක් අපි එතුමාට දුන්නා මේ මාස 10ම. එතුමාගේ කැමැත්ත ගත්තෙ බොහොම අමාරුවෙන් අපි. ලැබුණු මුල්ම අවස්ථාවෙදි ඒ කටයුත්ත සිද්ධ වෙන්න අවශ්‍ය කරන ප්රතිපාදනය සලස්වපු එකයි මම කළේ”
ප්රශ්නය – මේක මේ බැසිල් රාජපක්ෂ මහත්මයා ඊළඟ ජනාධිපතිවරණයට ගෙන ඒමේ මූලික පියවර නේද ?
“අනිවාර්යයෙන්ම අපි එතුමාව ගේනවා ජනාධිපතිවරණයට”
ප්රශ්නය – අර ව්‍යවස්ථා සංශෝධනය කළෙත් ඔහුව පාර්ලිමේන්තුවට ගේන්න වෙන්න ඇති ?
“ඉස්සෙල්ලා ව්‍යවස්ථාව හැදුවෙ එතුමන්ලා දිහා බලලානෙ, ඉතිං ඒක නිවැරදි කරපු එකයි කළේ”
ප්රශ්නය – ඔබද ඊළඟ ඕස්ට්‍රේලියාවෙ මහකොමසාරිස් ලංකාවේ ?
“මම ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ලා තියෙනවා. මාසයක් විතර ඉඳලාත් තියෙනවා. එච්චරයි කියන්න තියෙන්නෙ” (සිනාසෙයි)
ප්රශ්නය – මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනෙ. ඔබත් තනතුරක් බලාගෙන වෙන්න ඇති ඉල්ලා අස්වෙන්න ඇත්තේ …
“නැහැ. මට නම් එහෙම වුවමනාවක් තිබ්බෙ නෑ තනතුරක් ලබාගන්න”
ප්රශ්නය – ඇත්තද ඔහු මීළඟ මුදල් කැබිනට් ඇමති කියන්නේ ?
“ඔව්, අනිවාර්යයෙන්ම එතුමා කැබිනට් ඇමතිවරයෙක්, මුදල් ඇමතිවරයෙක් වෙනවා. ගැසට් කළාට පස්සෙ අනිවාර්යයෙන්ම එතුමාට ඇමතිවරයෙක් හැටියට දිවුරුම් දෙන්න පුළුවන්. ඉන් අනතුරුව මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා දිවුරුම් දෙන්න පුළුවන්”
ජයන්ත කැටගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) හිරු රූපවාහිනී නාලිකාවේ ප්රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමිනි.