දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබාගත් සාම්පලවලට අදාළ පරීක්ෂණ වාර්තාවක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත භාරදී තිබෙනවා.
ඒ, එම පරීක්ෂණ සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනය විසින්.
එහි අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කළේ ඉකුත් සතියේ ලබාගත් සාම්පල 141 ක වාර්තා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදුන් බවයි.
මේ අතර කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා නොගත් හෝ එක් මාත්‍රාවක් පමණක් ගත් අයට ඉන්දීය කොරෝනා වෛරසය ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇතැයි අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර සිටිනවා.
සැලකිය යුතු ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ඔහු තර්ජනය තවමත් පහව ගොස් නොමැති බවටයි අනතුරු අගවා සිටින්නේ.
ලෝකයේ වැඩිම තර්ජනයක් බවට පත්වී ඇති ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන දරුණු කොරෝනා වෛරස ප්‍රභේදයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් හෝ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් අතර ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ වැඩි සම්භාවිතාවයක් ඇති බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ.