ගෙවුණු දිනයේ (14) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2284 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 526 යි. (වැඩිම ආසාදිතයින්)
⭕ කොළඹ දිස්ත්‍රික්කය – 287 යි.
⭕ රත්නපුර දිස්ත්‍රික්කය – 260 යි
⭕ කළුතර දිස්ත්‍රික්කය – 155 යි
⭕ ගාල්ල දිස්ත්‍රික්කය – 134යි
⭕ නුවරඑළිය දිස්ත්‍රික්කය – 123යි
අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.