මේ වනවිට අතුරුදන්වී සිටින සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු හා පොඩි ලැසී විදෙස්ගතවී ඇති බවට සැක කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අධිකරණයෙන් ඇප ලබා සිටින කුඩු සළිඳු හා පොඩි ලැසී මුහුදු මාර්ගයෙන් එලෙස විදෙස්ගතවී ඇතැයි සැක කෙරෙයි.
එවන් පසුබිමක කුඩු සළිඳු ගැවසෙන ස්ථාන කිහිපයක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් ගිය ද ඔහු සොයාගැනීමට හැකිවී නොමැත.
ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස “කුඩු සළිඳු” නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණි.
එහෙත් ඔහු ඉකුත් 22 වනදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති බව සඳහන්ය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්රාත් අධිකරණය හමුවේ 23 කරුණු වාර්තා කළේය.
එම කරුණු සැලකිල්ලට ගෙන “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි