පසුගිය මාස එකොළහමාර තුළ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා රුපියල් මිලියන 1448ක් රජය වැය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (දෙසැ. 17) පාර්ලිමේන්තුවේදී ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජනාධිපති කාර්යාලය යන ආයතන ත්‍රිත්වයෙන් ම ආරක්ෂාව යොදවා තිබෙන බව ත් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පසුගිය මාස 11ට රුපියල් මිලියන 710ක් රජය වැය කර ඇති බව ත් ය.
“පසුගිය මාස 11 1/2 තුළ හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න විශාල වැය බර මුදලක් රජය යොදලා තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරක්ෂාව සපයලා තියෙනවා ආයතන 3කින්. එකක් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජනාධිපති කාර්යාලය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පසුගිය මාස එකොළහමාර තුළ එනම් දෙසැම්බර් 15 දක්වා විතරක් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 328ක්, පොලීසියෙන් මිලියන 327ක් වැය බරක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දරලා තියෙනවා. ජනාධිපති කාර්යාලයෙන් මිලියන 55ක් දරලා තියෙනවා. ඒ අනුව රුපියල් මිලියන 710ක් මාස 11 1/2 ක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් දරලා තියෙනවා.”
එමෙන් ම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාව වෙනුවෙන් රජය මිලියන 207ක වැය බරක් යොදවා ඇති අතර හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් සම්පූර්ණව රුපියල් මිලියන 307ක් රජය වැය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 6ක්, පොලීසියෙන් මිලියන 185ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 16ක් වශයෙන් මිලියන 207ක වැය බරක් දරලා තියෙනවා.
හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 258ක් පොලීසිය මිලියන 39ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 10ක් වශයෙන් සම්පූර්ණව රුපියල් මිලියන 307ක් වැය බරක් දරලා තියෙනවා.”
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්‍රාම ගොස් මාස තුනක් වන අතර ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් රජය රුපියල් මිලියන 82ක් රජය වැය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 19ක් සහ පොලීසිය මිලියන 60ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 3ක් වශයෙන් මේ මාස තුනට රුපියල් මිලියන 82ක් දරලා තියෙනවා.
එමෙන් ම, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකගේ ආරක්ෂාව වෙනුවෙන් මුදල රුපියල් මිලියන 112 සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හේමා ප්‍රේමදාස වෙනුවෙන් මිලියන 32ක් රජය වැය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා තවදුරට ත් සඳහන් කළේ ය.
හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 99යි, ජනාධිපති කාර්යාලය මිලියන 12යි. සම්පූර්ණ මුදල රුපියල් මිලියන 112යි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හේමා ප්‍රේමදාස මැතිනිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 30යි, ජනාධිපති කාර්යාලය මිලියන 3යි, සම්පූර්ණ මුදල මිලියන 32යි.ඒ අනුව, ගරු කතානායකතුමනි, සම්පූර්ණ මුදල රුපියල් මිලියන 1448ක් මේ මාස එකොළහමාර ඇතුළත වැය බරක්, ජනතාවගේ මුදල් මේ විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය වැය කරලා තියෙනවා. මේක ඉතා ම අසීරු තත්ත්වයක්.
අමාත්‍යවරයා වැඩිදුරට ත් මෙසේ ප්‍රකාශ කළේ ය.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොලීසියේ 60ක් සහ ත්‍රිවිධ හමුදාවේ 228ක් වශයෙන් නිලධාරීන් ආරක්ෂාවට සහ අනෙකුත් කටයුතුවලට යොදලා තියෙනවා. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 4ක් සහ පොලිස් නිලධාරීන් 60ක් ආරක්ෂකයින් වශයෙන් යොදලා තියෙනවා. ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා අදත් ත්‍රිවිධ හමුදාවේ 188ක් සහ පොලීස් නිලධාරීන් 22ක් වශයෙන් 210 දෙනෙකු ආරක්ෂාව සඳහා සපයා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ විශ්‍රාමික ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 57ක් සහ පොලිස් නිලධාරීන් 60ක් වශයෙන් 117ක් ආරක්ෂාව අද වෙනකොට යොදවලා තියෙනවා, චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරයාට පොලිස් නිලධාරීන් 60ක් ද හේමා ප්‍රේමදාස මැතිනියට පොලිස් නිලධාරීන් 10ක් ද වර්තමානයේ ආරක්ෂාව පවතිනවා”
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ට සිටින ත්‍රිවිධ හමුදාවේ සියළුම සාමාජිකයන් ඉවත් කෙරේ ත්‍රිවිධ හමුදාවේ සියළුම සාමාජිකයන් ලබන සතියේ සිට ඉවතට
පොලිසියේ නිලධාරීන් හැර, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටින ත්‍රිවිධ හමුදාවේ සියළුම සාමාජිකයන් ලබන සතියේ සිට ඉවත් කරන බව
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි
ඒ අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතවූ මාස 11ට රුපියල් මිලියන 1,448ක් වියදම් කර ඇති බවයි.