ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු මහත්ම මහත්මීන් ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්තිකයන් හමුවී සාකච්ඡා පවත්වයි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහත්වරු ද මෙම සංචාරයට එක්වෙයි.
ලබන 17 වැනිදා තෙක් මෙම නිල සංචාරයේ ජනාධිපතිවරයා යෙදෙයි.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් එරට වීදිවල ඔහුගේ පින්තූර එල්ලා සරසා ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවට වැඩ බලන්න ඇමතිවරු 5 ක්
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.
ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සඳහා ද මෙලෙස වැඩබලන අමාත්‍යවරු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදය කරයි.
ඒ අනුව,
*ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා
*ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා
*මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා
*විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා
*කම්කරු වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, ලෙස පත් කිරීම් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.