චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ජූනි මස 08 වනදා සිට ආරම්භ කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව පළමු මාත්‍රා ලබාගත් පුද්ගලයින්ට සිය කාඩ් පතේ සඳහන් නියමිත දිනයේ දී සහ පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාගැනිමේ හැකියාව පවතින බව යුද හමුදාපතිවරයා කියාසිටියේය.
සිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට ජනතාව වෙත ලබාදීම පසුගිය 07වනදා ආරම්භ වූ අතර මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඊයේ දිනය වන විට පුද්ගලයින් 666,612 දෙනෙකු සඳහා සිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.