විවිධ පුද්ගලයන් රථවාහන වැරැදි කරන ආකාරය වීඩියෝගත කර ඒවා මාධ්‍ය මඟින් ප්‍රදර්ශනය කරන රථවාහන පොලිසියේ ක්‍රමවේදය වැරැදි බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පිළිගත්තේය.
මේ අනුව එම වැරැද්ද නිවැරදි කිරීමට කටයුතු කරන බවද ඔහු එහිදී සඳහන් කළේය. මෙවැනි දේවල් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමේ සදාචාරාත්මක භාවය පිළිබඳව අවධානය යොමු කළ කමිටුව වැරදිකරුවකු වුවත් ඔහුගේ පෞද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ගැටළු පවතින බව පොලිස්පතිවරයා පිළිගත්තේ ඒ අවස්ථාවේදීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය