සුගිය ජුලි මාසයේ පැවති අරගල අතරතුර පිරිසක් විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීම ද සාමකාමී ක්රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.
ප්රශ්නය – එතකොට ජනාධිපතිවරයාගේ ගෙදරට ගිනිතියපු එකත් සාමකාමීද ?
“ඔව් ! සාමකාමීයි !”
ප්රශ්නය – ඒ කොහොමද ?
“තුවක්කු පැත්තකින් තියලා එයා සාකච්ඡා කරන්න ආවා නම් ගිහිල්ලා කතා කරනවානෙ ? එයා ජනාධිපති හින්දා සාකච්ඡා කරන්න ආවා නම් කතා කරනවානෙ ? එයා වෙඩිතිබ්බ හින්දානෙ, එයා කඳුළු ගෑස් ගහපු හින්දානෙ මේ පැත්තෙන් ඒ විදියට ගියෙ ?”
ප්රශ්නය – ඒක ම්ලේච්ඡත්වය නෙවෙයිද ?
“ඉතිං දෙකම ම්ලේච්ඡත්වයනෙ ? (සිනාසෙයි) ඉතින් කිසි අරගලයක් සාමකාමී නෑනෙ ? අරගල කියන්නෙ එහෙම තමයි. ඉතින් ඔය විදියට බැලුවොත් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ නැගිටීමත් ම්ලේච්ඡයි. ඉතිහාසයේ ගත්තොත් එහෙම මොකක්වත් ම්ලේච්ඡ නැති අරගල නෑනෙ ? වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, කැප්පෙටිපොල, ඊට කලින් දුටුගැමුණු, ඔය මහා වංශකතාවල ලියන ඔක්කොම ඉතින් ම්ලේච්ඡයිනෙ ?”