ඩොලර් නොමැතිකමින් රටවල් කිහිපයක තානාපති කාර්යාල වසා දමයි

0

රටවල් තුනක පිහිටා ඇති ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල වසා දැමීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙසේ වසා දැමීම තාවකාලිකව සිදුකර ඇති අතර ඊට හේතු වී ඇත්තේ රජයේ වියදම් අවම කර ගැනීමේ තීරණයයි.

කැබිනට් මණ්ඩලය විසින් මෙසේ වසා දැමීමට අනුමැතිය ලබාදී ඇත්තේ නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, සයිප්‍රස් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය යන කාර්යාල යි.

ඒ අනුව දෙසැම්බර් 31 වැනි දා සිට වඩාත් බලපැවැත්වෙන පරිදි එම කාර්යාල තාවකාලිකව වසා දැමීම සිදු කිරීමට නියමිතව තිබේ.