දෙසැම්බර් වන තුරුවත් සීමාවලට යටත්ව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි

0
Dr. Asela Gunawardena Request from People - දෙසැම්බර් වන තුරුවත් සීමාවලට යටත්ව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි

අවම වශෙයන් දෙසැම්බර් මාසය වන තුරුවත් සීමාවලට යටත්ව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

තවමත් අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට කටයුතු නොකර ඇති පසුබිමක ජනතාව විවිධ ප්‍රදේශවල සංචාරය කිරීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේ රට ගැන සිතා එවැනි කටයුතුවලින් තාවකාලිකව වළකින ලෙස යි.

“තාමත් අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කරලා නැහැ. මම දන්නේ නෑ කොයි විදියට ඒ අය ආවා ද කියලා. අපි දීර්ඝ සති අන්තය පටන්ගන්න කලිනුත් ආයචනයක් කළා තවදුරටත් අන්තර් පළාත් හෝ සංචාරයේ යෙදීම තමන්ගේ දරුවන් ගැන හිතලා නවත්නවන්න කියලා.” යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා සිටියා.