කාර් මිල අහසට නගී.. Premio කෝටි 02 පනී.. Vitz ලක්‍ෂ 90යි.. ත‍්‍රිවිල් ලක්‍ෂ 20 ආසන්නයේ..

0
Car Prices - කාර් මිල අහසට නගී.. Premio කෝටි 02 පනී.. Vitz ලක්‍ෂ 90යි.. ත‍්‍රිවිල් ලක්‍ෂ 20 ආසන්නයේ..
මෙරට වෙළඳපොළ තුළ මෝටර් රථ ඉතා විශාල වශයෙන් මිල ඉහළ ගොස් තිබේ.

මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කර තිබීමත් තවත් වසරක කාලයක් ඉක්ම වන තෙක් ආනයනය තහනම ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

පාවිච්චි කරන ලද මෝටර් රථ 100% ඉක්මවූ මිල ගණන්වලට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ නිරීක්ෂණ වලින් පෙනී යයි.

2019 වර්ෂයේ ප්‍රිමියෝ රථයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් කෝටි දෙක ඉක්මවූ මිලකටයි.

එම වසරේ ඇක්සියෝ රථයක් ලක්‍ෂ 120 ඉක්මවා ඇති අතර වසර 15 ඉක්මවා පැරණි අක්සියෝ රථයක් ලක්ෂ 65 ඉක්මවා මිලකට අලෙවි වෙයි.

වසර පහක් පමණ පැරණි වන ‘විට්ස්’ රථයක්ද ලක්ෂ 90 පමණ මිලකට නම් කර ඇත.

වසර තුන හතරක් පැරණි වැගන්ආර් රථයක් ලක්ෂ 65 ක සීමාවේ පවතී.

මේ අතර වසර තුන හතරක් පැරණි ත්‍රීරෝද රථයක් ලක්ෂ 16-17 මිල ගණන් වල පවතී.

සාමාන්‍ය යතුරු පැදියක් ලක්ෂ හතර පහ සීමාවේ පවතින අතර ස්කූටර් රථද එම මිල ගණන් ඉක්මවා අලෙවි වෙමින් ඇත.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)