ප‍්‍රතිකාරයෙන් පසු මුදාහැරිය පුද්ගලයා මග ඇද වැටී මරුට

0
Covid Dead - ප‍්‍රතිකාරයෙන් පසු මුදාහැරිය පුද්ගලයා මග ඇද වැටී මරුට

බළන්ගොඩ කිචිගුණේ ප‍්‍රදේශයේ පිහිටි අතරමැදි කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක දින 10 ප‍්‍රතිකාර ලබමින් සිට මුදාහරින ලද හැත්තෑහැවිරිදි පිරිමි පුද්ගලයෙකු මහමග ඇද වැටී මරණයට පත් වී ඇත. මෙම රෝගියා ලබා දී තිබූ විස්තර අනුව දෙනගම ප‍්‍රදේශයේ බව සදහන් වුවත් එවැනි කෙනෙකු පිළිබඳ විස්තර සොයා ගැනීමට නොහැකි වී ඇත.

මෙම පුද්ගල මළ සිරුර බළන්ගොඩ මූලික රෝහල් මෘත ශරිරාගාරයේ දින 5ක් තබා පින්නවල සහ බළන්ගොඩ පොලිස් ස්ථාන මඟින් මොහුගේ ඥාතීන් හෝ තොරතුරු සොයා බැලූවත් හමු වී නොමැත. මොහු මිය ගිය පසු පී.සී.ආර්. පරීක්ෂණයේදී පොසිටිව් වී ඇත. මෙම හේතුව නිසා ඊයේ (08) බළන්ගොඩ දහමාන ආදාහනාගාරයේ දී සිරුර ආදාහනය කිරීමට කටයුතු කළ බව බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂක එස්.එම්.අයි.ඞී. මීගස්දෙනිය මහතා සඳහන් කළේය.