කිරිපිටි හිඟයට මොකද වෙන්නේ?

0
Milk Powder - කිරිපිටි හිඟයට මොකද වෙන්නේ?

වෙළෙඳපොළ තුළ උද්ගතව ඇති කිරිපිටි හිඟය හේතුවෙන් ජනතාව මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටී.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, කිරිපිටි නිෂ්පාදන සමාගම් මිල ඉහළ නැංවීමට සිදුකර ඇති ඉල්ලීම්වලට අවසර ලබානොදීම ඊට හේතුවී ඇති බවය.

දින ගණනාවක සිට වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින පාරිභෝගිකයින් පවසා සිටියේ, කුඩා දරුවන්ට පවා කිරිපිටි ලබාදීමට නොහැකි වීමෙන් අසීරුතාවකට පත්ව සිටින බවය.

වෙළෙඳුන් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් පරිදි කිරිපිටි තොග සමාගම් වෙළෙඳපොළට නිකුත් නොකිරීමෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, කිරිපිටි සමාගම් විශාල වශයෙන් මිල ඉහළ දැමීමට ඉල්ලා සිටිය ද එවැනි මිල ඉහළ දැමීමක් රජයට මේ මොහොතේ සිදුකළ නොහැකි බවය.

අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පාරිභෝගිකයන් කිරිපිටි මිලදී ගැනීම හේතුවෙන් වෙළෙඳ පොළේ කිරිපිටි හිඟයක් මතුවිය හැකි බව මිල්කෝ සමාගම පවසයි.

එම සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, එම ආයතනය ප්‍රමාණවත් තරම් කිරිපිටි නිෂ්පාදනය කරන බවය.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසන්නේ රටට ප්‍රමාණවත් තරම් කිරි රට තුළ පවතින බැවින් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර යුතු නොමැති බවය.