මීගොඩ අනතුරින් මියගිය අත්තම්මාට සහ මිනිපිරියට කොරෝනා

0
Covid positive Deaths - මීගොඩ අනතුරින් මියගිය අත්තම්මාට සහ මිනිපිරියට කොරෝනා

මීගොඩ, වටරැක දුම්රිය පොළ ආසන්නයේදී ලොරි – ත්‍රිරෝද රථ අනතුරෙන් මියගිය, මාස තුනක් වයසැති බිලිඳිය, ඇගෙ අත්තම්මා සහ, රෝහල් ගතව ප්‍රතිකාර ලබන, බිළිඳියගේ මව, කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි, කළුබෝවිල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග කියයි.

මාස තුනක් වයසැති බිලිඳියගේ සහ ඇයගේ අත්තම්මාගේ සිරුරු පශ්චාත් මරණය සඳහා, කොළඹ අයි ඩී එච් රෝහලට යොමු කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි, වන්‍යා කේෂී වීරසිංහ මාස තුනක් වයසැති බිලිඳිය, මීගොඩ වටරැක සෝමරත්න මාවතේ පදිංචි, පතිරණගේ ප්‍රියානී චන්ද්‍රිකා (57) නමැති කාන්තාවකට මෙසේ කොරෝනා ආසාදනය වී ඇත.