19 හැවිරිදි තරුණයෙක්ට දිවි අහිමි කළ ප්‍රේම සම්බන්ධය

0
Murdered for love affair - දිවි අහිමි කළ ප්‍රේම සම්බන්ධය

ආරච්චිකට්ටුව අත්තංගනය ප්‍රදේශයේ ඉකුත් 09වනදා සවස දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකින් අනතුරුව බරපතල තුවාල ලැබූ තරුණයෙකු හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම මරණයට පත්ව තිබෙනවා.

මෙසේ ගැටුමෙන් මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව පහළ අත්තංගනය පදිංචි එච්. ඒ. සහන් රවිඳු නැමති 19 හැවිරිදි තරුණයෙක්

මරණකරු විසින් ඉහළ අත්තංගනය ප්‍රදේශයේ ගැහැණු ළමයෙකු හා පවත්වාගන ගිය ආදර සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් ආදරවන්තියගේ පාර්ශවයේ පිරිසක් ඊට විරුද්ධ වීම හේතුවෙන් හටගත් බහින්බස් වීමකදී දෙපිරිස අතර මෙම ගැටුම උද්ගතවී ඇතිබව පොලීසිය සිදුකළ විමර්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

මෙම පහර දීමට සම්බන්ධ පිරිස ප්‍රදේශයෙන් අතුරුදහන්ව ඇති අතර එම පිරිස සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තා වනවා.