රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයකට…

0
රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද (03) සහ හෙට (04) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි ප්‍රකාශ කළේ කණිෂ්ඨ කාර්යමණ්ඩලවල සේවකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවය.

“අපි මේ ක්‍රියාමාර්ගය ගන්නේ මූලික ඉල්ලීම් 12ක් මුල් කරගෙන. මේ වෙලාවේ රෝහල් ඇතුළේ සේවයේ නිරතවී සිටින කණිෂ්ඨ කාර්යමණ්ඩලයට තවදුරටත් වැඩ කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට පහසුකම් ප්‍රමාණයක් ඔවුන්ට අවශ්‍යයි. මේ ගැටලුවලට උත්තර නොදී කල්මරමින් යන ස්වභාවයක් තියෙන්නේ.”