කොවිඩ් වැළඳිලාද කියලා ජංගම දුරකතනයෙන් පරීක්ෂා කරගන්න විදිහ

0
කොවිඩ් වැළඳිලාද කියලා ජංගම දුරකතනයෙන් පරීක්ෂා කරගන්න විදිහ

කොවිඩ් වැළඳිලාද කියලා ජංගම දුරකතනයෙන් පරීක්ෂා කරගන්න විදිහ සෙල්ෆ් ෂීල්ඩ් යෙදවුම ගැන ඔබ දැනුවත්ද?

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (HISSL) සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) එක්ව  ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබේ.

එම ජංගම දුරකතන යෙදවුම සෙල්ෆ් ෂීල්ඩ් (Self Shield) “කොවිඩ් 19 ට එරෙහි ස්මාර්ට් පලිහ” යනුවෙන් හඳුන්වනු ලබයි.

මෙම ජංගම දුරකථන යෙදුම භාවිතයෙන් පරිශීලකයන්ට විනාඩි කිහිපයකින් කොවිඩ් වෛරසයට අදාලව තමන්ගේ සෞඛ්‍යය තත්වය තනිවම පරීක්ෂා කර බැලීමට හැකි වන අතර, පරිශීලකයාගේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත්, තමන්ගේ සෞඛ්‍ය තත්වය පිලිබඳ පරීක්ෂණ වාර්තා ලබාගැනීමටත් එම වාර්තා තුලින් ලැබෙන උපදෙස් අනුව, පරිශීලකයාට පමා නොවී වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටත් කටයුතු කළ හැකියි.

එම පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය කණ්ඩායම සමඟ බෙදා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 වැඩසටහනට ඇතුළත් වීමට පරිශීලකයින්ට මෙමගින් අවස්ථාව හිමි වේ.

වෛද්‍ය කණ්ඩායම විසින් මෙම පිරික්සුම් වාර්තා ස්වයංක්‍රීය ක්‍රියාවලීන් මගින් ඇගයීමට ලක් කරනු ඇති අතර ක්ෂණික වෛද්‍ය උපකාර අවශ්‍ය පරිශීලකයින්ට අවශ්‍ය සේවාවන් ලබා දෙනු ලැබේ.

ඩිජිටල් සෞඛ්‍ය පිළිබද පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (HISSL) මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සහ මෘදුකාංග ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් සෙල්ෆ් ෂීල්ඩ් යෙදුම නිපදවා තිබේ.

මේ පිළිබද වැඩිදුර  තොරතුරු:  https://sshield.org/

මෙම ජංගම දුරකථන යෙදුම භාවිතයෙන් පරිශීලකයන්ට විනාඩි කිහිපයකින් කොවිඩ් වෛරසයට අදාලව තමන්ගේ සෞඛ්‍යය තත්වය තනිවම පරීක්ෂා කර බැලීමට හැකි වන අතර, පරිශීලකයාගේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත්, තමන්ගේ සෞඛ්‍ය තත්වය පිලිබඳ පරීක්ෂණ වාර්තා ලබාගැනීමටත් එම වාර්තා තුලින් ලැබෙන උපදෙස් අනුව, පරිශීලකයාට පමා නොවී වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටත් කටයුතු කළ හැකියි. එම පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය කණ්ඩායම සමඟ බෙදා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 වැඩසටහනට ඇතුළත් වීමට පරිශීලකයින්ට මෙමගින් අවස්ථාව හිමි වේ. වෛද්‍ය කණ්ඩායම විසින් මෙම පිරික්සුම් වාර්තා ස්වයංක්‍රීය ක්‍රියාවලීන් මගින් ඇගයීමට ලක් කරනු ඇති අතර ක්ෂණික වෛද්‍ය උපකාර අවශ්‍ය පරිශීලකයින්ට අවශ්‍ය සේවාවන් ලබා දෙනු ලැබේ. ඩිජිටල් සෞඛ්‍ය පිළිබද පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (HISSL) මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සහ මෘදුකාංග ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් සෙල්ෆ් ෂීල්ඩ් යෙදුම නිපදවා තිබේ.