ගිණුම් පහක් පවත්වාගෙන යමින් වසර හතරක් තුළ එම ගිණුම් හරහා කෝටි 600 ක මුදලක් සංසරණය කළ 41 හැවිරිදි කාන්තාවක් දෙහිවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID ) විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව සිදු කළ පරීක්ෂණ හරහා මෙම ගිණුම් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ගිණුම් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ලෝලීන් මෙම කාන්තාවගේ ගිණුමට මුදල් බැර කර ඇති බවටයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.